Manager නොමිළේ අත්හදා බලන්න

ක්ලවුඩ් ගිණුම්කරණ මෘදුකාංගයක් උපකාරී වන්නේ විගණනය, බදු සහ වාණිජ අවශ්‍යතා සඳහා මෙන්ම ස්ථාවර වත්කම් පවත්වාගෙනයාමට, වැටුප් වාර්තා ලබාදීමට, බහු-මුදල් සමග කටයුතු කීරීමට, භා් තොග පාලනය කීරීමට සහ වැට් බදු අනුකූලතාවය සදහා එහි පහසුකම් ඇති විට පමණි.

එබැවින් නිවරදි මෘදුකාංගයක් තෝරා ගැනීම ඔබේ අඛණ්ඩ සාර්ථකත්වය සදහා ඔබට ගත හැකි වටිනාම තීරණයකි. ඉහත සියලු විශේෂාංග සමඟ Manager ඔබ වෙත පැමිණෙන අතර ලංකාව තුළ Manager හි එකම නිල නැවත විකුණුම්කරු ලෙස ඔබ සමඟ වැඩ කිරීමට ලැබීම අපට ඉමහත් සතුටකි .
ඔබත් Manager සහ වෙනත් ඉහළ පෙළේ ගිණුම්කරණ සහ ERP පද්ධති වල පුළුල් ලෙස වැඩ කර ඇති අයෙකු සමඟ වැඩ කිරීමට උනන්දුවක් දක්වන්නේ නම් සහ බහු-ජාතික සමාගම්වල විගණකයෙකු, ව්‍යාපාර උපදේශකයෙකු, බදු උපදේශකයෙකු සහ මුල්‍ය පාලකයෙකු ලෙස පුළුල් කර්මාන්ත දැනුමක් ඇති අයෙකුගේ සේවය ලබගැනීමට අවශ්‍යනම් 0773 661 382 හෝ [email protected] ඔස්සේ අප වෙත ළඟා විය හැකිය.

අපි 2019 සිට Manager භාවිතා කර ඇති අතර පරිශීලකයෙකු, පුහුණුකරුවෙකු සහ අදහස් සැපයුම්කරුවෙකු ලෙස අපගේ සම්බන්ධතාවය මෙම කාල පරිච්ඡේදය තුළ ශක්තිමත් වෙමින් පවතී. අපගේ සම්බන්ධතාවය ඔබට බාධාවකින් තොර උසස් අත්දැකීමක් ලබා ගැනීමට හේතුවන බව ඔබ ද නිතැතින්ම තේරුම් ගනු ඇත.

ඇයි ATMC Manager ට වුඩිපුර කැමති?

ATMC වැඩ කරන්නේ දුප්පතුන්ට ධනවතුන් වීමට සේවය කිරීමේ ආදර්ශ පාඨයත් සමඟ යි. ඒ අනුව, අප සෑම විටම ලංකාවේ භාවිතා කරන මෘදුකාංගවලට සමාන හෝ වඩා හොඳ ගිණුම්කරණ මෘදුකාංගයක් සොයමින් සිටියෙමු. ලංකාවේ භාවිතා කරන සියල්ලම පාහේ කුඩා ව්‍යාපාර සඳහා මිල අධික වීම නිසා හෝ ඔවුන්ගේ තේරුම් ගැනීමේ මට්ටමට සංකීර්ණ වීම නිසා, ඔවුන් ඒවා භාවිතයට මැළි කමක් දක්වයි. අපගේ සෙවීමේදී, අපට හමු වු Manager මෘදුකාංගය සරල බව, නම්යශීලී බව සහ එහි ඇතුළත් පහසුකම් අනුව වඩා හොඳ ය.

100% සිං‌හලෙන් ගිණුම් වාර්තා, බදු වාර්තා සහා අනෙකුත් සියළු ව්‍යාපාර වාර්තා තබාගනිමින් සාර්ථක ව්‍යාපාරයක් හසුරුවන්නට Manager වෙතින් ඔබට ලැබෙන අමිළ අවස්ථාව ඔබ සොයා සිටි අවස්ථාවම නොවේ ද?.